ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් දෛනිකව නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීම නිසා වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමටද බාධා එල්ල වී තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4,000 ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3,000 ක් පමණක් දෛනිකව වෙළදපොලට නිකුත් කරන බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පිරවුම්හල් ආශ්‍රිතව ගැටුම්කාරී තත්ත්වයන්ද ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. බදුල්ල නගරයේ පවතින තත්ත්වය පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශගෙන්.
දඹුල්ල නගරයේ සහ අවට පිරවුම්හල්වලට අද උදැසන වනවිට ඉන්ධන ලැබී නොතිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.