Friday, May 3, 2024

General line - 0115112241

චීනය හොදටම රත්වෙයි




චීනයේ ෂින්ජියැන් සහ ෆුජියාන් ඇතුළු ප්‍රදේශ කිහිපයක් වාර්තාගත ලෙස අධික උෂ්ණත්වයකට මුහුණ දී ඇති බව වාර්තාවෙනවා.

රටේ බොහෝ ප්‍රදේශවල දැඩි තාප තරංග පවතින බැවින් චීනයේ ජාතික නිරීක්ෂණාගාරය ඉහළ උෂ්ණත්වයන් සඳහා වන කහ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ග්ලෝබල් ටයිම්ස් වාර්තාවක සදහන්. 

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව  ෂින්ජියැන් , නැගෙනහිර ශෙජියාන් ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවක  උෂ්ණත්වය පසුගියදා සෙල්සියස් අංශක 40 ද ඉක්මවා තිබෙනවා.

ෂින්ජියැන් ප්‍රදේශය උෂ්ණත්ව අනතුරු ඇඟවීම තැඹිලි සිට රතු දක්වා ඉහළ නංවා ඇති අතර, එය චීනයේ දැඩි උණුසුම සඳහා වන ස්ථර හතරක කාලගුණ අනතුරු ඇඟවීමේ පද්ධතියේ ඉහළම අගයයි.

කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව ටුර්පාන්, ෂින්ජියැන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.2 දක්වා ළඟා වූ බව ද වාර්තාවෙනවා.

මේ අතර ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම්වරයා පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ දේශගුණික විපර්යාස හේතුවෙන් තාප තරංග නිකුත් කිරීම නිතර සිදුවනු ඇති බවයි.

ඇතැම් වාර්තාවලට අනුව,  අනෙකුත් ස්ථානවලට වඩා යුරෝපීය ප්‍රදේශවල උෂ්ණත්වය ඉක්මනින් ඉහළ යාමද ඉදිරියේ දී සිදුවනු ඇති.