Saturday, May 4, 2024

General line - 0115112241

බංකොළොත්වීම වළක්වා ගැනීමට පකිස්තානයත් වත්කම් විකුණයි




ණය ගෙවීම පැහැර හැරීම හරහා රට බංකොළොත්වීම වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස පකිස්තානය හදිසියේම රාජ්‍ය වත්කම් විදේශ රටවලට විකිණීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තාවනවා.

ඒ අනුව පකිස්තාන ෆෙඩරල් කැබිනට් මණ්ඩලය විසින් අදාළ ක්‍රියාවලිය සඳහා වන සියලුම ක්‍රියා පටිපාටි මග හැරීම සඳහා ආඥාපනතක් අනුමත කර ඇති බව සදහන්.

අන්තර් රාජ්‍ය වාණිජ ගනුදෙනු ආඥාපනත නම් මෙම පනත හරහා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා පළාත් රජයන්ට උපදෙස් නිකුත් කිරීමට ද බලය පවරා ඇති බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කරනවා.

කෙසේවෙතත්, පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි තවමත් මෙම ආඥාපනතට අත්සන් කර නොමැති බව මාධ්‍ය වාර්තාවල සදහන්.

එම ආඥාපනතට අනුව රජයේ සමාගම්වල වත්කම් සහ කොටස් විදේශ රටවලට විකිණීමට එරෙහි කිසිදු පෙත්සමක් විභාග කිරීම පාකිස්තාන රජය විසින් එරට අධිකරණයට තහනම් කර ඇති බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තාවේ දැක්වෙනවා.