Sunday, May 5, 2024

General line - 0115112241

සති අන්තයේ කොළඹ සිට බදුල්ලට නව සුඛෝපභෝගී දුම්රියක්




එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම කොළඹ සහ බදුල්ල අතර අධි සුඛෝපභෝගී නගරාන්තර දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. 

ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙරවරු 05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන නව “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතයි. සෑම ඉරිදා දිනකම පෙරවරු 09.50 ට බදුල්ලෙන් පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟාවීමටයි නියමිතව ඇත්තේ. 

දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථානවල දුම්රිය නතර කරන බවද දුම්රිය ප්‍රකාශකයකු සඳහන් කළා. එමෙන්ම ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල,ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල ද මෙම දුම්රිය නවත්වනු ඇති.