Sunday, May 5, 2024

General line - 0115112241

හරක් කටාගේ ප්‍රධාන වෙඩික්කරු STF අත්අඩංගුවට




විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු බොරලැස්ගමුව, බුලත්සිංහල මාවත ප්‍රදේශයේ නේවාසිකාගාරයක රැදී සිටියදීයි. 

සැකකරු අපරාධයක් සිදුකිරීම සදහා එම නේවාසිකාගාරයේ රැදි සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. 

ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ජීව උණ්ඩ හතරක් සහ හෙරොයින් ග්‍රෑම් 17ක් ද සොයාගෙන තිබෙනවා. වැලිගම, මිදිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන ඔහු මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දුෂණ කිහිපයකට  අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.