Monday, April 29, 2024

General line - 0115112241

ජනපති, ජපානයේ සංචාරයකට සුදානම් වෙයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ජපානයේ සංචාරයක නිරත වීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
 
රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

එම සංචාරයේදී තමන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද්වි පාර්ශවීය සාකච්ජා පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ඉන්දියාව, චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන ණය දෙන රටවල් වලට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම උදෙසා වූ සාකච්ජාවක් කැඳවීමට ජපානයට මැදිහත්වන ලෙස ඉල්ලීමක් සිදුකිරීමට ද තමන් බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ජාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.