Monday, April 29, 2024

General line - 0115112241

හිටපු ජනපති ලබන සතියේ දිවයිනට




හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ලබන සතියේ දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව සී එන් එන් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. 

අමාත්‍ය, ජනාධිපති නීතීඥ, අලිසබ්රි උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේද හරහා යලි දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව රජයට දන්වා ඇති බවයි. 

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් බැවින් ඔහුට අවශ්‍ය පරිදි ගමන් කිරීමට හැකි බවයි අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි පවසා ඇත්තේ. 

හිටපු ජනාධිපතිවරයා ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඊයේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බවයි ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර නෙත් නිවුස් කළ විමසීමකදී ප්‍රකාශ කළේ. 

ඉකුත් 09 වනදා පැවති නොසන්සුන්තාවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පළමුව සිංගප්පූරුව බලා පිටත්ව ගියා. ඉන් අනතුරුව ඔහු තායිලන්තය බලා පිටත්ව ගිය අතර හිටපු ජනාධිපතිවරයා මේ වනවිටත් රැදී සිටින්නේ තායිලන්තයේ බවටයි වාර්තා වන්නේ.