Monday, April 29, 2024

General line - 0115112241

මර්වින් සිල්වාට යළිත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග





හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් වීම ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද නියෝග කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කැළණිය ප්‍රදේශයේ හරක් මැරීම නතර කළ මෙම සැකකරුට ඇප අවශ්‍ය නොවන බව මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.   

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගැණුනේ 2007 වසරේ දෙසැම්බර් 27 වනදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහායි.  
අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙලෙස අදහස් පල කළා.