Monday, April 29, 2024

General line - 0115112241

ඇමති කංචනගෙන් CID යට පැමිණිල්ලක්




විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට එලෙස තමන් පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි. 

ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, ටෙන්ඩර් ඇඟයීම, ඇණවුම් නිසි පරිදි නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදය, බෙදා හැරීමේ ගැටළු සහ ගෙවීම් ප්‍රමාදය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට අදාලව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.