Monday, April 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේ වී මිල නිසා ඩඩ්ලිගේ රතු කට්ට පනී




වී මිල සහ වෙළඳපලේ පවතින සහල් මිල සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් ගොවියා මෙන්ම ව්‍යාපාරිකයා ද අපහසුතාවට පත්ව ඇති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමග සහල් ව්‍යාපාරිකයින් පිරිසක් අද පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදීයි. 

එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් විමසා සිටියේ වී සහ සහල් මිල සම්බන්ධයෙන් ඔහුගේ මතය කුමක්ද යන්නයි. මේ, ඩඩ්ලි සිරිසේන ඊට දැක්වූ ප්‍රතිචාරයයි. 

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහිදී පළ කළේ මෙවන් අදහසක්. 


මෙම සාකච්ඡාව අතරතුර ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන අසුනින් නැගිට ගිය අතර පසුව පිටතදී මාධ්‍යවේදීන් ඔහුගෙන් වී සහ සහල් මිල පිළිබඳ ප්‍රශ්න කළා.