Sunday, May 5, 2024

General line - 0115112241

ලිබියා අගනුවර දරුණු ගැටුම් : පුද්ගලයින් 23 දෙනෙකු ජිවිතක්ෂයට 




ලිබියාවේ, ට්‍රිපොලි අගනුවර දේශපාලන කන්ඩායම් අතර ඊයේ දිනයේ ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස මිය ගිය පිරිස අතර එරට තරුණ විකට නළුවෙකු වන මුස්තාෆා බරකා ද වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා සඳහන් කර සිටින්නේ.

ලිබියාවේ පාලක පක්ෂය සහ තවත් දේශපාලන කණ්ඩායමක් අතර ඇතිවූ මෙම ගැටුම් වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලුම පක්ෂවල ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

2011 දී දිගු කලක් එරට බලයේ සිටි පාලකවරයා වන කර්නල් මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කළ කැරැල්ලෙන් පසුව ලිබියාව තුල ගැටුම්කාරී තත්ත්වයන් දිගින් දිගටම පැවතියද පසුගිය දෙවසරක කාලය තුලදී පෙර කාල සීමාවට සාපේක්ෂව සන්සුන් පරිසරයක් නිර්මාණය වී තිබුණා.

එසේ වුවද ලිබියාව මේ වන විට දරුණු ආර්ථික පසුබෑමකට ලක්ව සිටින අතර, ලොව උද්ධමනය වැඩිම රට ලෙස ගෝලීය ආර්ථික දර්ශකයන් හමුවේ ඉදිරියෙන් පසුවනවා.