රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිනිත් චින්තක කරුණාරත්න පත්කර තිබෙනවා. ඔහු ලංකාදීප පුවත්පතේ සමකර්තෘ ධුරයද ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක දශක තුනකට වැඩි කාලයක් හසළ අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකු වනවා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජීව විද්‍යා උපාධිධාරියෙක්.
ඔහු අමෙරිකාවේ කැලිෆෝනියාහි, සැන්ටා මොනිකා විද්‍යායතනයෙන් සන්නිවේදන විෂය පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.