Monday, May 20, 2024

General line - 0115112241

නාමල් රාජපක්ෂ FCIDයට




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටිනවා.

ඒ, ඔහුට අයත් සමාගමක් මගින් අයථා මුදල් උපයෝගී කරගෙන හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

රුපියල් කෝටි දොලහමාරකට අධික මුදලක් යොදවා හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් අද (15) දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප‍්‍රශ්න කිරීමට නියමිතයි.