Friday, May 10, 2024

General line - 0115112241

එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති සහභාගී වන බව දැනුම් දෙයි




දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කරනු ලැබුවා.

අද පෙරවරුවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමු වී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර සිටියා.

මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය විසින් පිළිගනු ලැබුවා.

අනතුරුව එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයෙහි ශෝක සටහනක් තැබු  රනිල් වික්‍රමසිංහ මහතා දෙවන එළිසබෙත් මහ රැජිණ දශක 07ක් පුරා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු සේවය ඇගයීමට ලක් කරනු ලැබුවා. 

ලබන 19 වනදා ලන්ඩනයේ, වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී  පැවැත්වෙන එළිසබෙත් මහා රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතය.