Friday, May 10, 2024

General line - 0115112241

රුපියල් කෝටියකට වාලම්පුරියක් අළෙවි කිරීමට සූදානම් වූ සැකකරුවෙකු අත්අඩංගුවට




අම්පාර ප්‍රදේශයේ වෙළදසැලක් අසලදී වාලම්පුරියක් අළෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් කෝටියක මුදලකට එම වාලම්පුරිය අළෙවි කිරීම සූදානම්ව සිටි බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු සේවය කල පැපුවා නිව් ගිනියාවේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළදසැලකින් එම වාලම්පුරිය සොරාගෙන මෙරටට රැගෙනවිත් ඇති බවයි.