Friday, May 10, 2024

General line - 0115112241

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් අද ජනපති හමුවෙයි




දිවයිනට පැමිණ සිටින අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ඊයේ පස්වරුවේ මෙරටට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ සිදුකරන ලද ආරාධනයකට අනුවයි. දිවයිනට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඇතුළු පිරිසක් විසින්. 

මෙම නිල සංචාරයේදී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්‍ෂ නායකවරයා ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළා.