Friday, May 10, 2024

General line - 0115112241

ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා කඩිනම් තීරණ ගන්න කැබිනට් අනුකමිටුවක්




වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවණය සහ වර්ධනය සඳහා කඩිනම් තීරණ ගැනීමට පස් දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අනුකමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා අද පැවත‘ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ. 

මේ අතර රාජ්‍ය සේවය වඩාත් කාර්්‍යක්ෂම හා පළදායිව පවත්වාගෙන යාම සඳහා සිදුකළ යුතු අත්‍යවශ්‍ය බඳවාගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සම්බන්ධයන් ද වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අදහස් පළ කළා.