Friday, May 10, 2024

General line - 0115112241

ආනයනය සීමා කළ භාණ්ඩ කිහිපයක තහනම ඉවතට




භාණ්ඩ 305 ක් ආනයනය සීමා කරමින් ඉකුත්දා රජය නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව එම ගැසට් නිවේදනයේ සදහන් වූ සුවද විලවුන්, හුණුගල්, පයිප්ප බට හා ඊට සම්බන්ධ සෙසු සියලු ප්ලාස්ටික් භාණ්ඩ ඇතුළු නානකාමර කට්ටල හා උපාංගවලට පනවා තිබූ තහනම නව සංශෝධනය යටතේ ඉවත් කර ඇති භාණ්ඩ අතරට අයත්.

එමෙන්ම ප්‍රමාණවත් ලෙස දේශීයව සපයා ගතනොහැකි අවම වශයෙන් සියයට 20 ක දේශීය අගය එකතු කිරීමකින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන කිසිදු නිෂ්පාදනයක් සදහා අවශ්‍ය නොවන අමුද්‍රව්‍ය හෝ අතරමැදි භාණ්ඩ ආනයනය කිරිමටද නව සංශෝධනය යටතේ ආනයනය අපනයන පාලක ජනරාල්වරයා විසින් අවසර ලබාදී තිබෙනවා.

එලෙස ආනයනය සීමා කර තිබූ භාණ්ඩ කිහිපයක තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් විමසීමක් කළා.