Monday, May 20, 2024

General line - 0115112241

ජල ගාස්තුවේ වැඩි වීමක් නෑ




මෙම වසර තුලදී ජල ගාස්තු වැඩි කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කේ. අන්සාර් පැවසුවේ ජල ගාස්තු වැඩිකරන බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

සෑම වසර තුනකට වරක්ම ජල ගාස්තුව ඉහළ නැංවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කටයුතු කරනවා.

ඒ අනුව 2015 වසරේදී ජල ගාස්තුව ඉහළ නැංවීමට නියමිතව තිබුණද මහමැතිවරණය හේතුවෙන් එය කල්දමා තිබෙනවා.

ජල සම්පාදන මණ්ඩලයේ වාර්ෂික පිරිවැයද මේ වන විට සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.