Saturday, May 4, 2024

General line - 0115112241

නෙත් FM සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දී මව්පියන්ටත් විශේෂ දේශනයක්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 07 වැන්න හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

විභාගයට පෙනී සිටින දරුවන්ට මෙන්ම ඔවුන්ගේ මව්පියන්ට ද එහිදී විශේෂ දේශනයක් පැවැත්වෙන බවයි නෙත් විශේෂ නියෝජිත අනුරංග ඩිල්ශාන් පැවසුවේ. 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පළමු වැන්න පැවැත්වුණේ අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේදීයි. අනෙකුත් සම්මන්ත්‍රණ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේ, ගාල්ල වලහන්දූව මානවිල උපනන්ද ජාතික පාසැලේ, මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේදී සහ කෑගලු බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 6 වැන්න පැවැත්වුණේ අලව්ව ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේදීයි.