Saturday, May 4, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ හත්වැන්න හෝමාගමදී සාර්ථකව අවසන්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 07 වැන්න හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී සාර්ථකව අද අවසන් වුණා.
 
එම සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කකරමින් කියා සිටියේ විෂය කටයුතු සම්බන්ධයෙන් තමන්ට අපැහැදිලි කරුණු රාශියක් නිරාකරණය කර ගැනීමට මෙහිදී හැකිවූ බවයි.

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටි දරුවන්ගේ මව්පියන් වෙනුවෙන් ද විශේෂ දේශනයක්  පැවැත්වුණා. 

මැලිබන් ගෝල්ඩ් මාරි සහ ඇස්ට්‍රා, මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා අනුග්‍රහය දක්වන අතර අද දින පැවති හත්වන සම්මන්ත්‍රණය සදහා විශේෂ අනුග්‍රාහකයෙකු ලෙස විෂන් කෙයා ද එක්වුණා