Wednesday, May 8, 2024

General line - 0115112241

හෙට පැය 16ක ජල කප්පාදුවක්




හෙට උදෑසන 08 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් හංවැල්ල, කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, ලබුගමුව ජල පවිත්‍රාගාරයේ භූ ගත ජල ටැංකිය පිරිසිදු කිරීම හේතුවෙන්.

කහහේන, ජල්තර - රනාල, මාපිටිගම සහ දොම්පේ යන ප්‍රදේශවලට ද එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ.