Tuesday, May 7, 2024

General line - 0115112241

දින 4 කදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹූ පිරිස හය ලක්ෂය ඉක්මවයි




ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 23 වන වරටත් සංවිධාන කරන  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 05 වන දිනය අදයි. ඊයේ දිනය නිමාවට පත්වන විට පාඨකයින් හය ලක්ෂයකට අධික පිරිසක් ප්‍රදර්ශනයට සහභාගී වී ඇති බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා. අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරන නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහන මෙවරත් ක්‍රියාත්මකයි. ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටිය වෙත පැමිණ අලුත් පොතක් පරිත්‍යාග කිරීමට පාඨකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා පාඨකයින්ගෙන් හිමිවන්නේ ඉහළ ප්‍රතිචාරයක්. 

මේ අතර මහාචාර්ය රාජ් සෝමදේව විසින් රචිත යක්ෂි කෘතිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ස්ථාපිත නෙත් විශේෂ කුටියට පැමිණ මිලදී ගත හැකියි. අද පස්වරු 04 සිට මහාචාර්ය රාජ් සෝමදේවයන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ ස්ථාපිත නෙත් විශේෂ කුටියේ රැඳී සිටිනවා. එම ස්ථානයට පැමිණ කතෘ අත්සන සහතිව යක්ෂි කෘතිය මිලදී ගැනීමට ද පාඨකයින් වෙත අවස්ථාව සලසා දී තිබෙනවා.