Friday, May 10, 2024

General line - 0115112241

යුද්ධය අවසන් කිරීමට රුසියාව කැමතියි - තුර්කිය කියයි




යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්තෙන් පසුවන බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් පවසනවා.

විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තුර්කි ජනාධිපතිවරයා පැවසුවේ ඒ සඳහා වන සැලකිය යුතු පියවරක් රුසියානු ජනාධිපතිවරයා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

තමන් මෑත කාලීනව රුසියානු ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී අනාවරණ වුණේ යුක්රේන යුද්ධය හැකි ඉක්මනින් අවසන් කිරීමට ඔහුට අවශ්‍යව ඇති බවයැයි ද තුර්කි ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම ප්‍රාණඇපයෙහි රඳවා තබා ගෙන සිටින පුද්ගලයින් 200 දෙනෙකු හුවමාරු කර ගැනීමට දෙපාර්ශවය සූදානම් වන බව ද තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් තුර්කි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ රුසියාව විසින් අත්පත් කර ගත් සිය භූමි ප්‍රදේශ කිහිපයක් යුක්රේන හමුදා යළි අත්පත් කර ගෙන ඇති පසුබිමක් තුළයි.