Saturday, May 4, 2024

General line - 0115112241

නෙත් FM සමාජ මෙහෙවරට පොත් ලබාදීමට පාඨකයින් අතර දැඩි උනන්දුවක්




කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නැරඹීම සදහා මේවනවිටත් විශාල පිරිසක් පැමිණ සිටිනවා. ඒ පිළිබද තොරතුරු දැනගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා ප්‍රදර්ශන භූමියේ නෙත් විශේෂ කුටියේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත සදරුවන් බටගොඩගේ.

 

 

නෙත් විශේෂ කුටියට පැමිණ අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කළ පිරිසෙන් කිහිපදෙනෙකුද මෙලෙස අදහස් පළ කළා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද දිනයේ පැවැත්වෙන්නේ 09 වන දිනටයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 23 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.