Saturday, May 4, 2024

General line - 0115112241

අධි ආරක්ෂිත කලාප නම් කිරීමෙන් ජනතාවගේ අයිතිවාසිකම් කඩවන බව නීතීඥ සංගමය පෙන්වා දෙයි




කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශ කිරීමෙන් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස හා යාම් ඊම් නිදහස සහ විරෝධය පෑමේ නිදහස ඇතුළත් අයිතිවාසිකම් කඩවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති සාලිය පීරිස්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කොළඹ දිස්ත්‍රික්කයේ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කර තිබුණා. එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය එලෙස අධි ආරක්ෂිත කලාප ලෙසයි නම් කර ඇත්තේ. 

ඊට අමතරව නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය ද අයත් වන්නේ අධි ආරක්ෂිත කලාපවලටයි. 

මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය මෙන්ම ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ ද අධි ආරක්ෂිත කලාප ලෙසයි අදාළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ.