Saturday, May 4, 2024

General line - 0115112241

මන්දපෝෂණ තත්ත්වය ගැන වෛද්‍යවරුන්ගෙන් යළි අනතුරු ඇගවීමක්




ඉදිරියේදී මෙරට මන්දපෝෂණ තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඉලක්ක කණ්ඩායම් සොයාගෙන ඊට අදාළ මැදිහත්වීම් සිදුකිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

මේ අතර මන්දපෝෂණය සහ රටේ ආර්ථික තත්ත්වයට සම්බන්ධයෙන් අද දිනයේද විවිධ අදහස් මතු වුණා. මේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස.

පවුල් ලක්ෂ 08කට ආසන්න ප්‍රමාණයක් ආහාර අර්බුදයෙන් පීඩා විදින බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ.  

එවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ දැක්වූයේ මෙවන් අදහසක්.