Saturday, May 4, 2024

General line - 0115112241

හදිසියේ ගෙන එන විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ගැන පැහැදිලි කිරීමක් ඉල්ලයි




විද්‍යුත් මාධ්‍ය සදහා ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත පිළිබද රට හමුවේ කරුණු දක්වන්නැයි හිටපු ජනමාධ්‍ය ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කරනවා.

වඩාත් යෝග්‍ය මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමට විද්‍යුත් මාධ්‍ය සදහා විකාශන අධිකාරියක් පිහිටුවීමට ව්‍යවස්ථාපිත ආයතනයක් බිහිකිරීමට කැබිනට් අනුකාරක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉකුත්දා පැවසුවේ. 

එහෙත් කඩිමුඩියේ එවැනි පනතක් ගෙන නොආ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසූවේ.  

මෙරට රූපවාහිනී විකාශනය නියාමනය කර ගැනීම සදහා වූ අධිකාරී පනතක් අවශ්‍ය බවට මීට පෙර සිටම සාකච්ඡාවට භාජනය වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් සදහන් කළා.