Saturday, May 4, 2024

General line - 0115112241

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අද




ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 23 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. ඉකුත් 16 වනදා විවෘත කෙරුණු පොත් ප්‍රදර්ශනය නැරඹීම සදහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ඊයේ දිනය දක්වා විශාල පිරිසක් පැමිණියා.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර වැඩි පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවේ.

අද දිනයේද රාත්‍රී 8 තෙක් ප්‍රදර්ශනය මහජනතාවට විවෘත බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසූවේ.

ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණ අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමට ඔබට අද දිනයේද අවස්ථාව පවතිනවා. මේ, නෙත් එෆ් එම් විශේෂ කුටියේ ස්ථාපිත පොත් කැටයට පොත් පරිත්‍යාග කළ පාඨකයින් කිහිපදෙනෙකු දැක්වූ අදහස්. 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.