Saturday, May 4, 2024

General line - 0115112241

ඇල්ල රක්ෂිතයකට ගිනි තැබූ සැකකරුවන් 16 දෙනා අද අධිකරණය හමුවට




ඇල්ල රක්ෂිත කඳුවැටියේ ප්‍රදේශයකට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16 ත් 22 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයින් පිරිසක්. ඔවුන් බදුල්ල, හාලිඇළ සහ නමුනුකුළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. මීට පෙර වාර්තා පළ වුණේ අදාළ ගිනිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සියලුදෙනා පාසැල් සිසුන් බවයි. 

කෙසේවෙතත් මෙම ගිනිතැබීම හේතුවෙන් ඇල්ල රක්ෂිත කඳුවැටියේ අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. සැකකරුවන් අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.