Monday, May 20, 2024

General line - 0115112241

ප්‍රභාකරන්ගේ ‘ටී ෂර්ට්’ මහනුවරින් හමුවෙයි (VIDEO)




මහනුවර නාගරික වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැලක අලෙවි කිරීම සඳහා ගෙන ආ ඇඳුම් තොගයක් අතර තිබී LTTE සංවිධානයට අයත් බවට සැක කරන පිරිමි උඩුකය ඇඳුමක් හමුවීම සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොලරය රහිත කහ පාටින් යුත් මෙම ටී ෂර්ටයේ ඉදිරිපස LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජායාරූපයකින් යුක්ත වන අතර ඊට පහතින් L’ ASPIRATION DES Tamouls est un Tamil Eelam libre යනුවෙන් සඳහන් වනවා.

එම ටී ෂර්ටයේ පිටුපස ශ්‍රී ලංකා සිතියමක ඊලාම් රාජ්‍යයේ දේශ සීමා රතු පැහැයෙන් ළකුණු කොට ඇත. එහි කොටි සංවිධානයේ ලාංඡනයද සටහන් කොට ඇති අතර එයට අමතරව FREE TAMIL EELAM යනුවෙන්ද සඳහන් කොට තිබෙනවා.

මෙම ඇඳුම මහනුවර වෙළඳසැලක තිබී එහි හිමිකරුවන් විසින් පොලීසියට භාර දී ඇති අතර 13 දින පස්වරුවේ මෙය හමුව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

කොටි සංවිධානයට සහයෝගය පළ කරන්නන් හෝ එම සංවිධානයේ සාමාජිකයෙකු සතු විය හැකි බවට සැක කරන මෙම ඇඳුම සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

Image00001kandy Image00002kandy