Monday, May 20, 2024

General line - 0115112241

නාමල් බන්ධනාගාර ගත කෙරේ (UPDATE)




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ලබන 22 වෙනිදා දක්වා අද (15) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි.

තමන්ට අයත් එන්.ආර්. කන්සල්ටේෂන් සහ ගවර්ස් කෝපරේට් යන පුද්ගලික සමාගම් සඳහා වෙන වෙනම රුපියල් මිලියන 15 ක් සහ රුපියල් මිලියන 30 ක් බැගින් මුදල් විශුද්ධිකරණයන් සිදුකිරීම මන්ත‍්‍රීවරයාට එරෙහි චෝදනාව වනවා.

ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප‍්‍රශ්න කර අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. අදාළ සමාගම්වල අධ්‍යක්ෂවරයෙකු බව කියන සුදර්ශ ගනේගොඩ නමැත්තෙකු ද ලබන 22 වෙනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ ඥාතියෙකු ද වනවා.

 


නාමල් අත්අඩංගුවට

Aug 15, 2016 @ 13:19

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මීට නොබෝ වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණා.

ඒ, ඔහුට අයත් සමාගමක් මගින් අයථා මුදල් උපයෝගී කරගෙන හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

තව නොබෝ වේලාවකින් මන්ත‍්‍රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.