Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය නියාමකයන් හදිසියේ ආරම්භ කළ වර්ජනය හදිසියේම අවසන් කරයි




දුම්රිය නියාමකවරුන් අද පෙරවරුවේ හදිසි වර්ජනයක් ආරම්භ කළා. ඒ, හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

දුම්රිය නියාමකයන්ගේ අතිකාල ගෙවීම පිළිබඳව ගැටලුවක් මෙම වර්ජනයට හේතු වී ඇතැයි වාර්තා වනවා.

මේ අතර මීට නොබෝ වේලාවකට පෙර නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය නියාමකවරුන් පැවසුවේ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි. 
 

.......................................................

දුම්රිය නියාමකයන් හදිසි වර්ජනයක

දුම්රිය නියාමකයන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියාමකයන්ගේ අතිකාල ගෙවීම පිළිබඳව ගැටලුවක් මෙම වර්ජනයට හේතු වී ඇතැයි දැනගන්නට තිබේ.