Sunday, May 5, 2024

General line - 0115112241

රුසියානු හමුදා යුක්රේනයේ තවත් නගරයක් හැර යයි




රුසියාව විසින් යුක්‍රේනයේ ලයිමන් නගරයේ සිටි සිය හමුදා සාමාජිකයින් ඉවත් කර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ලයිමන් නගරය හැර යාම රුසියානු හමුදාවේ සැලකිය යුතු පසුබෑමක් බවයි.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්රේන හමුදා සාමාජිකයින් දහස් ගණනක් ලයිමන් නගරය වටකර තිබූ පසුබිමක් තුළ රුසියානු හමුදාව එලෙස පළා ගොස් ඇති බවයි. නගරය සම්පූර්ණයෙන් රුසියානු හමුදාවෙන් ගලවා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පවසා තිබෙනවා. 

යුක්රේන හමුදාව ලයිමන් නගරය තුළ එරට ජාතික ධජය ඔසවන අයුරු දැක්වෙන වීඩියෝ පට ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. රුසියානු හමුදාව එම නගරය භාවිත කර ඇත්තේ යුද උපකරණ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙසයි. ලයිමන් නගරය රුසියාව යටතේ පවතින ඩොනෙට්ස්ක් කලාපය තුළ පිහිටා තිබීම ද විශේෂත්වයක්.