Saturday, May 11, 2024

General line - 0115112241

චීන මැදිහත්වීම් ගැන ඉතාලිය අවධානයෙන්




රට තුළ සිදුවන චීන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඉතාලි රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව චීන සබදතා සහ එරට ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සදහා සම්බන්ධීකරණ කාර්‍යාලයක් පිහිටුවීමටයි ඉතාලිය පියවර ගෙන ඇත්තේ.

මෙම නව තීරණය ගෙන ඇත්තේ ඉතාලියේ මීළග අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වීමට නියමිත  Giorgia Meloni ගේ මගපෙන්වීම හා උපදෙස් අනුවයි.

අමෙරිකාවේ IRI ආයතනය හා ඉතාලියේ Foundation Farefuturo නමැති පදනම එක්ව මෙම සම්බන්ධීකරණ කාර්‍යාලය පවත්වා ගෙන යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහි චීන කටයුතු සදහා සම්බන්ධීකාරකවරයෙකු ද පත් කෙරෙනු ඇති.

රට තුළ ක්‍රියාත්මක හා ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇති චීන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සහ ඒවා සම්බන්ධීකරණ කිරීම අදාල කාර්‍යාලයේ ප්‍රධාන කාර්‍යය භාරයයි.

එම කාර්යාලය රැස් කර ගන්නා තොරතුරු ඉතාලි පාර්ලිමේන්තුවේ විශේෂ කොමිසමක් සමග හුවමාරු කර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

එම කොමිසම මගින් චීනයේ ප්‍රචාරක  ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරනු ඇති.