Sunday, May 12, 2024

General line - 0115112241

පකිස්තානයට GSP සහන අහිමිවීමේ අවදානමක්




ඉදිරියේ දී GSP සහනය අහිමි වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය පකිස්තානයට අනතුරු අගවා තිබෙනවා.

ඒ එරටින් දිගින් දිගටම වාර්තා වන මානව හිමිකම් උල්ලංඝනය වීම් හා සුලු ජන කොටස් හා ආගමික කණ්ඩායම් වෙත සිදු කරන නොසලකා හැරීම් හමුවේයි.

එවැනි ක්‍රියා GSP න්‍යායන්ට පටහැනි බවයි යුරෝපා සංගමය පකිස්තානයට දැනුම් දී ඇත්තේ.

පකිස්තානය GSP සහනය භුක්ති විදිමින් සිටින්නේ 2013 වසරේ සිටයි.

ඒ යටතේ පකිස්තානයට හිමිවන වෙලද සහනය 2023 වසරේ දෙසැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතයි.

එවන් පසුබිමක් තුළ පකිස්තානය මානව සංවර්ධන සාධකවලට ලගා වී ඇත්දැයි සොයා බැලීම සදහා යුරෝපා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් පිලිබද උප කමිටුවේ සාමාජිකයින් පිරිසක් ඉකුත් දා පකිස්ථානයේ සංචාරයක ද නිරත වී තිබෙනවා.

ඔවුන් පකිස්තානයට දැනුම් දී ඇත්තේ වධහිංසාවන් පැමිණවීම් හා අතුරුදන් කිරීම්වලට එරෙහිව නීති කඩිනමින් සම්මත කිරීම ඇතුලු ව්‍යුවහගත ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙසයි.

එමෙන්ම මරණ දඩුවම පනවන අපරාධ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් පකිස්තාන බලධාරීන්ගේ අවදානයට යොමු කර ඇති බව සදහන්.