Saturday, May 11, 2024

General line - 0115112241

පකිස්ථානයේ ගර්භනී මව්වරුන් අවධානමක




පකිස්තානයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් එරට ජන කොටස් රැසක් තවදුරටත් පීඩා විදිමින් සිටිනවා. ඒ අතරින් ගර්භණී මව්වරුන් සහ කුඩා ළමුන් ප්‍රධානයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ගංවතුරෙන් බලපෑම් එල්ල වුනු ප්‍රදේශ වල සිටින ගර්භණී මව්වරුන් 600,000 ක් පමණ මාතෲ සෞඛ්‍ය සේවාවන්හි පවතින අඩුපාඩු හමුවේ පීඩා විදින බවයි.

එමෙන්ම අදාල ප්‍රදේශ වල සිටින දරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ද ඉතා දුර්වල මට්ටමක පවතින බව වාර්තා වනවා.

ඒ හමුවේ පකිස්ථානයේ ගංවතුරෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල සිටින දරුවන් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බව ද සදහන්.

පකිස්ථානයේ මූල්‍ය හා ආදායම් පිලිබද රාජ්‍ය අමාත්‍ය Aisha Ghous Pasha පවසන්නේ ගංවතුරෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල සිටින ගර්භනී මව්වරුන්ට මූලික සෞඛ්‍ය පහසුකම් හෝ නොමැති බවයි.

ඇතැම් මව්වරුන්ට දරු ප්‍රසූතියක් සදහා අවශ්‍ය මූලික පහසුකම් හෝ නොමැති බව ඇය සදහන් කළා.

ඊට අමතරව එම ප්‍රදේශවල සිටින මිලියන 5 කට අධික දරුවන් පිරිසකට ප්‍රතිශක්තීකරණය  හෝ නිසි පෝෂණය නොලැබෙන බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඒ අනුව කාන්තාවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් යළි නංවාලීම සදහා පකිස්තාන රජය කඩිනම් පියවර ගත යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

පකිස්ථානයේ මුදල් සහ ආදායම් පිලිබද රාජ්‍ය අමාත්‍ය Aisha Ghous Pasha මෙම අදහස් පළ කර තිබුණේ සර්ව පාක්ෂික නියෝජිතයන් සහභාගී වූ පාර්ලිමේන්තු සංසදයකදීයි.

කෙසෙවෙතත් පකිස්තානය වැසියන් මෙලෙස ගංවතුර තත්ත්වයෙන් පීඩා විදිමින් සිටින්නේ පකිස්තානය දරුණු මූල්‍ය අර්බුදයකට ද මුහුන පා සිටින පසුබිමක් තුළයි.

ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව සිටින පකිස්තාන වැසියන්ගෙන් මිලියන 19 ක් පමණ මේවනවිට උග්‍ර දරිද්‍රතාවයෙන් පීඩා විදින බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

පකිස්ථානයේ ගංවතුරෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ වල වෙසෙන වයස අවුරුදු 65 ට වැඩි මිලියනයකට අධික පිරිසක් විශේෂ ආරක්ෂාවක් සහ මූලික පහසුකම් අපේක්ෂාවෙන් සිටින බව ද විදෙස් මාධ්‍ය සදහන් කළා.