Friday, May 10, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ පාකිස්තාන මුදල් භාවිතයට තහනමක්




තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ පාකිස්තාන රුපියල් භාවිතය තහනම් කර ඇති බව වාර්තාවෙනවා.

එම පාකිස්තාන මුදල් තහනම ඔක්තෝබර් 1 සෙනසුරාදා සිට ක්‍රියාත්මක බව ඇෆ්ගන් පුවත් සේවය වන Khaama Press වාර්තා කරනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,  ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය ගනුදෙනු සඳහා පාකිස්තාන රුපියල භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව තලේබාන් බලධාරීන් පැවසූ බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සමහර ප්‍රදේශවාසීන් සහ වෙළඳුන් එදිනෙදා වියදම් සහ ආහාර මිලදී ගැනීම් සඳහා පාකිස්ථානු රුපියල් භාවිතා කරන පසුබිමකයි.

ඊට අමතරව ඇෆ්ගනිස්තානය තුළ රුපියල් ලක්ෂ  5 කට වැඩි පකිස්තාන මුදලක් දේශිය මුදල් වෙත හුවමාරු කිරීම ද තහනම් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.