Friday, May 10, 2024

General line - 0115112241

නොබෙල් සාම ත්‍යාගය රුසියාව සහ යුක්‍රේනයටත් සමව බෙදෙයි




මෙවර නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට හා මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරි ආලෙස් බියලියැට්ස්කි සහ රුසියාවේ ‘මෙමෝරියල්’ හා යුක්‍රේනයේ ‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්’ යන මානව හිමිකම් සංවිධාන වෙත නොබෙල් සාම ත්‍යාගය ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයා, උද්ඝෝෂණයක් අතුරතුර අත්අඩංගුවට පත්වී මේවනවිට රැඳවුම් භාරයේ පසුවනවා. 

රුසියානු හා යුක්‍රේන මානව හිමිකම් සංවිධාන වෙත මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවී ඇත්තේ යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා බලය අවභාවිතය යන කරුණු සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගත් උත්සහය වෙනුවෙන්.