Friday, May 3, 2024

General line - 0115112241

 ඇමරිකාවෙන් තායිවානයට සහතිකයක්




චීන ආක්‍රමණයකට එරෙහිව තායිවානය ආරක්ෂා කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට තම රට උපකාර කරන බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් අවධාරණය කරනවා.

සීඑන්එන් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔස්ටින් පැවසුවේ තායිවානය ආරක්ෂා කර ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට ඇමරිකාව කැපවී සිටින බවයි.

තායිවානයට චීනයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඇමරිකාව ඊට  යුධමය වශයෙන් මැදිහත් වන්නේද යන්න පිළිබඳ උපායමාර්ගිකව අපැහැදිලි ප්‍රතිපත්තියක් ඓතිහාසිකව පවත්වා ගෙන ගොස් ඇති බව විචාරක මතයයි.

එහෙත්, පසුගිය මාසයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එක්සත් ජනපද හමුදා තායිවානය ආරක්ෂා කරන්නේ දැයි ඇසූ විට ඇමරිකානු ජනාධිපති බයිඩන් පැවසුවේ, එය පෙර නොවූ විරූ ප්‍රහාරයක් නම් "ඔව්" යනුවෙනි.

බයිඩන්ගේ ප්‍රකාශයන්ට අනුකූලව ඇමරිකානු හමුදාව තායිවානයට යැවීමට සූදානම් වන්නේ දැයි CNN නිවේදිකාව ඔස්ටින්ගෙන් විමසූ අතර ඔහු ඊට සෘජු පිළිතුරක්දීම ප්‍රතික්ෂේප කළා.

කෙසේවෙතත්, ඇමරිකානු හමුදාව සෑම විටම මිත්‍ර පාක්ෂිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ  කැපවීම්වලට අනුකූලව කටයුතු කිරීමට සූදානම්ව සිටින බවයි ඔහු   එහිදී වැඩිදුරටත් සදහන් කළේ.