Saturday, April 27, 2024

General line - 0115112241

දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා විභාග රාජකාරී තහනමක්




දඹදෙණිය සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විභාග ශාලාධිපතිගේ සහ සහකාර ශාලාධිපතිගේ විභාග රාජකාරී ජීවිතාන්තය දක්වා තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අද (15) පස්වරුවේ ලබා දීමට නියමිතව තිබූ උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අද පෙරවරුවේ ලබා දීම හේතුවෙනි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර සඳහන් කළේ හෙට දින සිට එම විද්‍යාලයේ විභාග ශාලා සඳහා වෙනත් නිලධාරීන් දෙදෙනෙකු අනියුක්ත කර ඇති බවයි.