Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාව සඳේ සෝඩියම් සිතියමක⁣ට ගනියි




ඉන්දියාවේ සද ගවේෂණ යානයක් වන Chandrayan 2 මගින් සිදු කරණ ගවේෂණයන් හරහා විද්‍යාඥයින් තවත් සුවිශේෂී අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය අභ්‍යවකාශ පර්‍යේෂණ සංවිධානය පැවසුවේ චන්ද්‍රයාන් 2 මත පවතින 'CLASS' නමැති වර්ණාවලීක්ෂය මගින් සද මත පවතින සෝඩියම් රසායනිකයේ බහුලත්වය සිතියම් ගත කර ඇති බවයි.

සද මත එවැන්නක් සිතියම් ගත කෙරුණු පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.

මීට පෙර ඉන්දියාවේ Chandrayan 1 නමැති සද ගවේෂණ යානයේ C1XS නම් එක්ස් කිරණ වර්ණාවලීක්ෂය හරහා සද මත සෝඩියම් රසායනිකය ඇතැයි අනාවරණ කර තිබුණා.

ඒවා සිතියම් ගත කිරීමේ අපේක්ෂාව විද්‍යාඥයින් වෙත පැමිණ ඇත්තේ ඉන් අනතුරුවයි.

මෙම සෝඩියම් රසායනික අංශු චන්ද්‍රයා මතුපිට පවතින ඛණිජ කොටස් විය හැකි බවට විද්‍යාඥයින් සැක පළ කරනවා.

එහෙත් ඒවා සූර්‍ය සුළං ධාරා හෝ පාරජම්බුල කිරණ හරහා ඉවතට තල්ලු වූ අංශු විය හැකි බවට ද මේවනවිට මත පළ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.