Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ගමන ජයග්‍රාහීව ඇරඹෙයි




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරඟය ලකුණු 33කින් ජය ගැනීමට අද සමත් වුණා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුළු 05 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. වනිඳු හසරංග පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟ නොදැවී ලකුණු 37 ක් රැස් කළා. 

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස්කරගත හැකිවූයේ කඩුළු 05ක් දැවී ලකුණු 155ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න කඩුළු දෙක බැගින් දවා ගත්තා. 

මීළග පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.