Friday, May 3, 2024

General line - 0115112241

චීනයට විරුද්ධ නොවීම ගැන ඉන්දියාව හේතු කියයි




චීනය විසින් උයිගුර්වරුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් වූ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීම පිළිබඳ සිය ස්ථාවරය ඉන්දියාව විසින් සාධාරණීකරණය කර තිබෙනවා.

ඉන්දියාව සිය පළමු අදහස් දැක්වීමේදී කියා සිටියේ ෂින්ජියැන්ග් හි ජනතාවගේ මානව හිමිකම්වලට ගරු කළ යුතු බවයි.

එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම ,  විශේෂිත යෝජනාවලට ඡන්දය නොදීමේ ඉන්දියාවේ දිගුකාලීන භාවිතයට අනුකූල වන බව ද අවධාරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසියේ දී චීනයේ ෂින්ජියැන්ග් කලාපයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විවාදයක් පැවැත්වීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවට ඡන්දය දීමෙන් ඉන්දියාව  වැළකී සිටියා.

මේ සම්බන්ධයෙන්,  මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අරින්දම් බාග්චි   පැවසුවේ, ෂිංජියැන්ග්හි ජනතාවගේ මානව හිමිකම්වලට ගරු කළ යුතු බව ඉන්දියාවේ ස්ථාවරය බවයි.

එහෙත් රටකට විශේෂිත යෝජනා සඳහා ඡන්දය ප්‍රකාශ නොකිරීමේ ඉන්දියාවේ දිගුකාලීන භාවිතයට අනුකූල විය යුතු බැවින් ඡන්දය ප්‍රකාශ නොකළ බව ද ඔහු සදහන් කළා.