Thursday, May 2, 2024

General line - 0115112241

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය : අවසන් මහ තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ඉන්දීය කණ්ඩායම අද සුදුසුකම් ලැබුවා. ඒ, තායිලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 74කින් ජය ගනිමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 148ක්. ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි තායිලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් බිදවැටී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 74ක් පමණයි.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමග අවසන් මහා තරගයට ලබන 15 වනදා තරග වදිනු ඇති.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හැර දැමුණා.

මෙල්බර්න්හීදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9යි 30ට. පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ ලබන ඉරිදා ආරම්භ වනවා.