Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඉන්දියා ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා අවසන් තරඟය අද




ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි. බංග්ලාදේශයේ සිල්හෙට්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1ට තරගය ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ආසියානු කුසලානයක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ වසර 14 කට පසුවයි. මීට පෙර 2008 වසරේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා. පන්දුවාර විස්සයි 20 තරඟ රටාව යටතේ පැවති ආසියානු කුසලාන තරඟාවලිවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එහි අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලානයේදී මීට පෙර අවස්ථා 04 කදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා. එහෙත් එම කිසිදු අවස්ථාවකදී ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකි වුණේ නැහැ.