Wednesday, January 29, 2025

General line - 0115112241

ඩීසල් මිල අඩුවුණත් බස් ගාස්තු අඩු කළ නොහැකි බව පුද්ගලික බස් සංගම් කියයි




අද රාත්‍රී 09 යේ සිට බලපැවැත්වෙන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 370ක් දක්වා අඩුවන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415ක් වනු ඇති. සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය වී නැහැ. 

මේ අතර පෙට්‍රල් මිල අඩුවීමට සාපේක්ෂව කුලී ත්‍රීරෝද රථ ගාස්තු මිල ගණන් අඩුකිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නා බව වෘත්තීය ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් නිශාන්ත කුමාර නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා. 

කෙසේවෙතත් ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ නොහැකි බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.