Saturday, April 27, 2024

General line - 0115112241

“චන්ද්‍රිකාට එරෙහිව ගෝඨාභය එන්තර වාසියක් යවනවලු” – ගම්මන්පිල




හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කරන ලද ප‍්‍රකාශයක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අපහාසයක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ඇයට එන්තර වාසියක් ද යවනු ඇති බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

හිටපු ජනාධිපතිනිය අදාළ ප‍්‍රකාශය කළේ නිට්ටඹුව රන්පොකුණගම ප‍්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකදීයි.

අද (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා සඳහන් කළේ චන්ද්‍රිකා කුමාරතුංග සිය කතාව තුළින් ගෝඨාභය රාජපක්ෂ වංචා කළ අයෙකු බව හඟවමින් කතා කරන්නට උත්සහා ගත් බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)