Saturday, May 4, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැති සටන උණුසුම් වෙයි - බොරිස් ජොන්සන්ගෙන් අපේක්ෂකයින්ට බලපෑම්




ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ බ්‍රිතාන්‍ය මේවනවිට දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. ඒ හමුවේ අග්‍රාමාත්‍යධූරය සදහා පාලක කන්සර්වේටිව් පක්ෂය තුළ දැඩි තරගකාරීත්වයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එවන් පසුබිමක් තුල නවතම වාර්තා අනාවරණ කරන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළි අග්‍රාමාත්‍යධූරයට පත් වීමේ දැඩි උත්සහයක නිරත වී සිටින බවයි. කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් මේවනවිට අපේක්ෂකයින් 05 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. 

ඒ අතරින් අගමැති සටනේ ඉදිරියෙන් පසුවන්නේ කන්සර්වේටිව් පක්ෂ සාමාජික ඉන්දීය සම්භවයක් සහිත එරට මුදල් අමාත්‍යවරයෙකු ද වූ රිෂී සුනක්. ඔහුට අනතුරුවයි පාලක කන්සර්වේටිව් පක්ෂයේ මනාපය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පවතින්නේ.

කෙසේවෙතත් මේවනවිට බොරිස් ජොන්සන් පවසන්නේ එළඹෙන මහ මැතිවරණය හමුවේ කන්සර්වේටිව් පක්ෂය පරාජයෙන් මුදා ගත හැක්කේ තමන්ට බවයි. එබැවින් නායකත්ව සටනින් ඉවත් වී තමන්ට එම අවස්ථාව ලබාදෙන ලෙස බොරිස් ජොන්සන්, රිෂී සුනක්ගෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසන්නේ කන්සර්වේටිව් පක්ෂය පිළිබඳ බ්‍රිතාන්‍ය වැසියන් තැබූ විශ්වාසය පළුදු වී ඇති බවයි. එබැවින් වහා මහ මැතිවරණයක් කැදවිය යුතු බව විපක්ෂය ප්‍රකාශ කර තිබෙනවා.