Saturday, May 18, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ තිරණාත්මක දිනයට වැස්සෙන් බාධා




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය අතර තරඟය අත්හැර දැමීමට සිදුවුණා. ඒ, තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්. තරඟය පැවැත්වීමට නියමිතව තිබූ මෙල්බර්න් ක්‍රීකට් ක්‍රීඩාංගණයට දිගින් දිගටම වර්ෂාව ඇදහැලුණු බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තරඟය අතහැරදැමීමත් සමඟ කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැඟින් හිමිවුණා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයට ඇද දමමින් දෙවන ස්ථානයට පත්වුණේ අයර්ලන්තයයි. ඔවුන් තරඟ 03 කදී ප්‍රසාද ලකුණු 03 ක් රැස්කරගෙන සිටිනවා. අද තරඟය අත්හැරදැමීම හේතුවෙන් බොහෝ දුරට ඇෆ්ගනිස්තානයට තරඟවාලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති. 

මේ අතර මෙම කණ්ඩායම් දෙකද අයත් පළමු කාණ්ඩයේ අතිශය තීරණාත්මක තරඟය ඔස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර අද පැවැත්වීමට නියමිතයි. එම තරඟය පැවැත්වෙන්නේද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේයි. කෙසේවෙතත් එම තරඟයට ද වර්ෂාවෙන් බාධා එල්ලවීමේ වැඩි ඉඩක් ඇති බව ක්‍රීඩා වාර්තාවල සඳහන්. මෙම තරඟයේ ප්‍රතිපලය ශ්‍රී ලංකාවට ද අතිශය වැදගත්. මෙම කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟය හෙට පැවැත්වෙන්නේ නවසීලන්තය සමඟයි.

හෙට තරඟයේදී නවසීලන්ත වේග පන්දු යවන්නන්ගේ අභියෝගය සම්බන්ධයෙන් ප්‍රවීනව වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක නෙත් එෆ් එම් සමඟ පළ කළේ මෙවන් අදහසක්.

ශ්‍රී ලංකා නවසීලන්ත තීරණාත්මක තරඟය හෙට පස්වරු 01 යි 30 ට පැවැත්වීමට නියමිතයි. ඒ, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. එම ක්‍රීඩාංගණයට වැසි ඇහැලීමේ සම්භාවිතාව අඩු බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.